Saturday, October 31, 2015

Ebay - 03

EBay තුළ ඔබට අවශ්‍ය කරන භාණ්ඩයක් අඩු මිලට පහසුවෙන් ඉක්මණින් සොයාගන්නෙ කොහොමද?
  • Ebay තුළ අපිට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීම සඳහා අපේ අභිමතය පරිදි සෙවිය හැකි සෙවුම් විදි බොහෝමයක් තිබෙනවා. මේ සෙවුම් විදි යොදාගෙන අපිට අවශ්‍ය නියම භාණ්ඩය අඩුම මිලට පහසුවෙන් සොයාගන්න පුළුවන්. දැන් අපි මේ සෙවුම් විදි එකින් එක ‍සලකා බලමු.


ප්‍රධාන සෙවුම් තීරුව

  • ඔබට අවශ්‍ය භාණ්ඩයෙ නම ටයිප් කරන්න ඕනෙ මෙතන. අවශ්‍ය නම් Category එකක් තෝරන්න පුළුවන්. නැත්නම් All Categories යන්න තියෙන්නට හරින්න. Advanced search තුළින් සෙවුම වඩාත් විශේෂණය කරගන්නත් පුළුවන්.

All items, Auctions only සහ Buy it Now only යන ටැබ

  • Buy it Now only - මෙම ටැබය තේරූ විට ඔබට දිස්වන්නෙ මේ මොහොතේම ඔබට, දක්වා ඇති මුදලටම මිලදී ගත හැකි භාණ්ඩ පමණයි.
  • Auctions only - මේ Auctions only ටැබය තේරූ විට ඔබට දිස් වන්නෙ මේ වෙන්දේසියට තබා ඇති භාණ්ඩ පමණයි. ඔය භාණ්ඩ වල සඳහන් වෙන මිලට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලා රැවටෙන්න එපා. ඒ භාණ්ඩ වල සඳහන් වෙන්නෙ ඒ මොහොතෙ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුව. නමුත් ඒ භාණ්ඩ විකිණෙන්නෙ බොහෝ විට ඒ මිලට නෙමෙයි, වෙන්දේසි කිරීම අවසාන වන මොහොතේ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුවටයි.
  • All items - මෙම ටැබට තේරූ විට Buy it Now only යටතේ ඇති භාණ්ඩ හා Auctions only යටතේ ඇති භාණ්ඩ යන භාණ්ඩ සියල්ලම දිස් වෙනවා. හැබැයි ඒ දිස් වෙන දෑ අතරින් Auctions සහ Buy it Now only භාණ්ඩ පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. Buy it Now only භාණ්ඩයක් නම් මිල ඉදිරියෙන් Buy it Now ලෙසද Auctions යටතේ ඇති භාණ්ඩයන් නම් 0 Bids, 1 Bid, 2 Bids, 3 Bids.... වැනි Bids ගණනක් මිලට ඉදිරියෙන් දිස් වෙනවා. 

          සෙවීම් පෙළ ගසන (sort කරන) ආකාරය
  • eBay තුළ අපි සිදුකරන සෙවීමකට සාමාන්‍යයෙන් ප්‍රතිඵල දහස් ගණනින් ලැබෙනවා. ඉතිං ඔය ලැබෙන ප්‍රතිඵල වලින් අපට අවශ්‍ය භාණ්ඩය සොයාගැනීම පහසුකිරීමට eBay මගින් අපට අපේ අභිමය පරිදි ප්‍රතිඵල පෙළ ගැසිය හැකි විදි (customized sorting methods) කීපයක් සපයනවා.


මෙම ප්‍රතිඵල පෙළ ගසන ආකාර වලින් අපිට ප්‍රයෝජනවත් ආකාර විස්තර සහිතව හඳුන්වා දෙන්නම්.
  • Price + Shipping: lowest first - අපි eBay වෙතින් භාණ්ඩයක් මිලදී ගත්තම බොහෝ විට අපිට භාණ්ඩයේ වටිනාකමට අමතරව shipping (ප්‍රවාහනය) සඳහා යම් මුදලක් අයවෙනවා. ඉතිං අපිට භාණ්ඩයේ මිලෙහි සහ මෙම ප්‍රවාහන ගාස්තුව යන දෙකේම එකතුව ලෙස භාණ්ඩය සඳහා ගෙවිය යුතු මිලට අනුව සෙවුම් ප්‍රතිඵල පෙළ ගසා ගත හැකි නම් බොහොම අගෙයි නේද? මෙම පෙළ ගැසුම් ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන්නෙ අන්න ඒ ආකාරයට. ඒ කියන්නෙ භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල අඩුම භාණ්ඩයේ සිට වැඩිම භාණ්ඩයට පෙළ ගැසීම තමයි මෙමගින් සිදුවෙන්නෙ. අඩුම මිලට භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපිට ප්‍රයෝජනවත්ම සහ වැඩියෙන්ම අවශ්‍ය වන පෙළ ගැසුම් ආකාරය (sorting method එක) මෙයයි.
  • Time: ending soonest - මෙය අපිට ප්‍රයෝනවත් වෙන්නෙ වෙන්දේසි කිරීම් වලට ලංසු තැබීමෙදි. වෙන්දේසී අවසාන වෙන වේලාව ලඟම භාණ්ඩ මුලින්ම දිස්වෙන පරිදි තමයි මෙමගින් පෙළගසන්නෙ. වෙන්දේසි කිරීම් ගැන පසුව මං ලිපියක් ලියන්නම් කිව්වනෙ. ඒ ලිපියෙදි මේ පෙළ ගැසුම් ආකාරය ගැන වැඩි විස්තර කියන්නම්.

අපිට එතරම් ප්‍රයෝජනයක් නැති ආකාර ගැන ඔබේ දැනගැනීම සඳහා පමණක් කෙටි විස්තර මෙන්න
  • Time: newly listed - අලු‍තෙන්ම eBay පොළට එක් කෙරුණු භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
  • Price + Shipping: highest first - භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
  • Price: highest first - භාණ්ඩයේ වටිනාකම වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
  • Distance first: අපේ රටේ සිට භාණ්ඩයේ විකුණුම්කරුගේ රටට ඇති දුර අඩුම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
  • Best Match - ඔබේ සෙවුමකට හරියටම ගැල‍පිය හැකි භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි. (ඇතම්විට ප්‍රයෝජනවත්)
  • Category - කාණ්ඩය අනුව භාණ්ඩ පෙළ ගසයි.

මේ සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන ආකාර අතරින් ඔබට අඩුම මිලට භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් පෙළ ගැසිය යුත්තෙ මොන ආකාරයටද කියලා වැටහෙන්න ඇතිනෙ. ඒ තමයි Price + Shipping: lowest first කියන ආකාරය. ඉතිං ඔබ සෙවීමක් කර ලැබෙන ප්‍රතිඵල මේ ආකාරයට පෙළ ගස්වා ගන්න (sort කරගන්න) අමතක කරන්න එපා. (ඔය ආකාරය තේරූ විට ඔබෙන් අහයි ඔබේ රට. එයට Sri Lanka (LKA) යන්න ලබා දෙන්න.)


Refine Search සහ Preferences යටතේ ඇති සෙවුම් ප්‍රතිඵල විශේෂණය කළ හැකි ආකාර

ඔබට පෙනෙයි ඔබ සෙවුමක් කළ විට ඔබේ වම් පසින් දිස්වන මෙන්න මේ සෙවුම් විශේෂණ ආකාර ගණනාවකින් යුත් තීරුව. මෙම තීරුවේ ඇති උපක්‍රම භාවිතා කර ඔබට ඔබේ සෙවුම තව දුරටත් විශේෂණය කරගන්න පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියන ගණනක් වූ භාණ්ඩ අතරින් ඔබ සොයන භාණ්ඩය ඉක්මණින් සොයාගැනීම ඔබට පහසු වේවි. මෙම තීරුවේ ඇති සෙවුම් විශේෂණ උපක්‍රම කීපයක් මෙලෙස ඔබට හඳුන්වා දෙන්නම්.

Categories - ඔබ සොයන්නේ කුමන කාණ්ඩයක් යටතේ වර්ගීකරණය කළ හැකි භාණ්ඩයක් ද යන්න තේරීය හැක.

Brand - ඔබ සොයන්නේ කුමන ජාතියක (brand එකක) භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

Condition - ඔබ සොයන්නෙ අලුත්ම භාණ්ඩයක්ද, පාවිච්චි කළ භාණ්ඩයක්ද යන්න තේරිය හැක.

Price - ඔබ සොයන්නේ කිනම් මිල පරාසයක භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

Buying formats - ඔබ සොයන්නෙ වෙන්දේසියට ඇති භාණ්ඩයක්ද, දැන්ම මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න මෙතනින්ද තේරිය හැක.

Show only - ඔබට දිස්විය යුත්තේ කුමන භාණ්ඩ පමණක්ද යන්න තේරිය හැක. උදා: ප්‍රවාහනය නොමිලේ භාණ්ඩ, විකිණී අවසන් වුනු භාණ්ඩ වැනි...

Location - ඔබ තෝරන්නේ කුමන ස්ථානයක සිට මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න තේරිය හැක. (සමහර භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ යම් යම් රටවල් ඇතුලත පමණයි. මෙම විශේෂණ ආකාරය Worldwide යන්න තේරීමෙන් ලොව පුරා ප්‍රවාහනය කරන භාණ්ඩ පමණක් දිස්කරවා ගන්න පුළුවන්.)


සෙවුම් ප්‍රතිඵල ලෙස දිස්වන අනවශ්‍ය සහ කරදරකාරී ප්‍රතිඵල ඉවත් කරගන්නේ කෙසේද?
  • අපි ගොඩක් වෙලාවට සෙවීම පෙළ ගසන්නෙ Price + Shipping: lowest first කියන ආකාරයටනෙ. ඔය ආකාරයට සෙවුම් ප්‍රතිඵල පෙළ ගැසුවූ විට බොහෝවිට අපිට පෙළ ගැසුමෙ ඉහළින්ම දක්නට ලැබෙන්නෙ අප අපේක්ෂා කළ භාණ්ඩය නෙමෙයි.

උදා: සිතන්න ඔබට අවශ්‍යයි eBay වෙතින් Portable hard disk එකක් මිලදී ගන්න. දැන් ඔබ ප්‍රධාන සෙවුම් තීරුව තුල Portable hard disk කියලා ටයිප් කරලා Search යන්න ඔබනවා. ඉන්පසු ඊට අදාල ප්‍රතිඵල ලැයිස්තුව ලැබුණු පසු ඔබ Buy it Now only කියන ටැබයට ගිහිල්ලා Price + Shipping: lowest first කියන විදියට ප්‍රතිඵල ලැයිස්තුව පෙළ ගසනවා. දැන් බලන්න ඔබට දිස්වෙන්නෙ මොනවද කියලා.

  • Portable PU Leather Case/Bag for 2.5" Hard Disk Drive B
  • Portable Leather Case/Bag for SATA 2.5" Hard Disk Drive
  • Portable SATA 2.5" HDD Hard Disk Drive Soft Case Cover
  • Portable SATA Box Case 3.5" HDD Hard Disk Drive Safety
  • Portable SATA 3.5" HDD Hard Disk Drive Storage Tank Box
  • Leatherette Case for 2.5" Portable Hard Disk HDD White
  • PISEN Portable Deluxe Hard Drive Disk Case Holder Bag B
  • Leatherette Case for 2.5" Portable Hard Disk HDD Brown
  • EXTERNAL PORTABLE 2.5" DRIVE HARD DISK CASE CARRY BAG
  • Small Sleeve Case Bag for 2.5" Portable Hard Drive Disk

‍මෙන්න මේ වගේ ප්‍රතිඵල ගණනාවක් ඔබට මුලින්ම දිස් වේවි. හැබැයි මේ එකක්වත් portable hard disks නෙමෙයි. එතකොට ඇයි මෙහෙම වෙන්නෙ? ඔබ සෙවුම කළේ "Portable hard disk" කියලා. බලන්න ඔය නම් වල හැම එකේම මේ වචන තුන තියෙනවා නේද? අනික ඇත්තටම ඔය සෙවුම සිදුකරලා බලන්න ඔය ප්‍රතිඵල වල මිල ගණන්. Portable hard disk එකක මිලට වඩා සෑහෙන්න අඩුයි. අන්න ඒ හේතු දෙක නිසයි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබට සොයා ගත නොහැකි උනේ.

මෙන්න මේ වගේ භාණ්ඩයක් සොයාගන්න නම් අපිට තව දෙයක් කරන්න වෙනවා. ඒ තමයි අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් මෙවන් අපි අපේක්ෂා නොකරන කරදරකාරී ප්‍රතිඵල ඉවත් කර ගැනීම. මේ සඳහා කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයයි. ඒ තමයි ප්‍රධාන සෙවුම් තීරුවෙ සොයන භාණ්ඩයෙ නමත් සමග මෙවැනි කරදරකාරී භාණ්ඩ වල නමුත් "-" ලකුණක් සහිතව යොදන්න. (මෙය ගූග්ල් සෙවුමකදි උනත් භාවිතා කළ හැකි සාමාන්‍ය සෙවුම්කරණ උපායක්...)

  • අපේ උදාහරණෙ හැටියට මෙන්න මෙහෙම: Portable hard disk -case

ඔහොම යොදලා සෙවුම කළ විට ඔබට පෙනෙයි කලින් දිස්වුනු කරදරකාරී භාණ්ඩ ගොන්න ප්‍රතිඵල ලැයිස්තුවේ නොමැති බව. නමුත් දැන් ලැබී ඇති ප්‍රතිඵල ලැයිස්තුවෙ වෙනත් කරදරකාර ප්‍රතිඵල තිබෙන්න පුළුවන්. ඒ සෑම දෙයකම සෙවුම් පද (key word) ඉහත පරිදිම "-" ලකුණ සහිතව යොදා සෙවුම කරන්න.

  • මේ විදියට: portable hard disk -case -box -battery -bracket

අන්න ඒ විදියට කරදරකාරී භාණ්ඩ සියල්ලම අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් ඉවත් කළාට පසුව ඔබට දිස්වේවි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබේ ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම දිස්වෙනවා. දැන් ඔබට පුළුවන් ඒ දිස්වන ප්‍රතිඵල අතරින් ඔබට සරිලන මිලකට, සරිලන භාණ්ඩයක් මිලදී ගන්න.

ඉතිං මං හිතනවා අද සාකාච්ඡා කෙරුණු කරුණු ටික හොඳටම ඇති කියලා. මුලින් හිතාගෙන හිටියෙ අද ලිපියෙන් භාණ්ඩ තෝරන විදියයි, හොඳ seller කෙනෙක්ගෙන් භාණ්ඩ ගන්න විදියයි, PayPal හරහා ගෙවීම සිදුකරන විදියයි ඔක්කොම කියන්න. ඒත් එක දෙයක් ගැන කියන්න ගියාම කියන්න ගොඩක් දේවල් හිතට එනවා. ඒකයි ලිපිය දිග වැඩි වෙන්නෙ. මං මුලදිම කිව්වත් වගේ අද කියපු සමහර දේවල් නම් ගොඩක් අය දැනටමත් අත්හදා බැලීම තුළින් ලබා ගත් අත්දැකීම තුළින් දැනගෙන ඉන්න ඇති. නමුත් මං මේ හැමදෙයක්ම පිළිවෙළට කියන්නෙ ලිපි පෙළටම අලුත් ආධුනිකයන්ගෙත් ප්‍රයෝජනය තකා.

ඉතිං මේ ලිපියත් ඔබට ප්‍රයෝජනවත් උනා නම් ඒ ගැන කියලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රශ්න තියෙනවනම් ඕනම දෙයක් අහන්න. කලින් ලිපි වල අහපු හැම ප්‍රශ්නයකටම මං හිතන්නෙ මං මගේ දැනුමෙ හැටියට පිළිතුරු දුන්නා. (දන්නැත්නම් දන්නෑ කියලත් කිව්වා..)

එහෙනම් ඔන්න අදට කුප්පිය ඉවරයි. ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඔබ තෝරාගත් භාණ්ඩයට PayPal හරහා මුදල්‍ ගෙවන ආකාරය සහ වෙන්දේසි (Auctions) සඳහා ලංසු තබා (bid කර) භාණ්ඩ දිනාගන්නා ආකාරය.

එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.‍සුභ දවසක්.

Ebay - 02

Ebay එකෙන් ගණුදෙනු කිරීම සදහා HNB debit card එකක් ගන්න විදිය

ලගම තියන HNB branch එකකට ගිහින් කියන්න account එකක් open කරන්න ඕන කියල එහෙම කියනකොට අනිවා කියන්න ඩෙබිට් කාඩ් එකකුත් ඕන කියල එතකොට ඔයාලට ෆෝම් දෙකක් දෙනවා පුරවන්න ඒ දෙක පුරවල රු.2000 කින් පුළුවන් වැඩේ පටන් ගන්න. රු. 200 කාඩ් එකට කපාගන්නවා ඊට පස්සේ නම් කිසිම අමතර ගාස්තුවක් අය කරන්නේ නෑ. ATM එකෙන් සල්ලි ගන්නවානම් සාමාන්‍ය විදියට හැම බැංකුවකම අය කරන සම්මත ගාස්තු අය වෙනවා.

දැන් ඉතිං තව දෙයක් තියෙනවා ඔය එක්කම කරන්න ඒ තමයි Internet Banking මේක නම් අනිවා වැදගත් මේක තවත් දවසක් යන්න ඕනේ නෑ නේ..Acc Balance එක එහෙම බලාගන්න ඕනේ උනාම තමා මේවා හුගාක් අයට මතක් වෙන්නේ.ඒක නිසා මේ ගමන්ම Internet Banking වලටත් Apply කරන්න,

ඔයාට ක්‍රම ‍2 කට කාඩ් එක ගන්න පුළුවන්.

1.එවලේම කාඩ් එක ගන්න පුළුවන්.. මෙතනදී තියෙන්නේ ඉතිං Card එකේ ඉස්සරය අපේ නම කොටල නැති එක විතරයි.

2.මේකට ටිකක් දවස් යනවා සතියක් විතර..මෙහිදී ඔයාට සතියකින් විතර Reg Post හරහා ලියුමක් එයි.. ඒක ආව ගමන් ඒකත් උස්සන් HNB එකට ගිහින් දුන්නම ඔයාට Card එක දෙනවා.. වෙනස තරමි Card එකේ ඔයාගේ නම Printed වෙලා තියෙන එක. 1 හා දෙකේ තියෙන එකම වෙනස තමයි ඒක.

මේ මොන ක්‍රමෙන් ගත්තත් මුලින්ම Card එක අරන් ගිහින් ඉස්සරහ තියෙන ATM එකට දාලා Password එකක් දීලා Active කරගන්න.

ඊට පස්සේ කරන්න තියෙන්නේ කාඩ් එක පේපැල් වලට add කරන ඒකනේ ඊට කලින් කාඩ් සෙන්ටර් (0112671955) එකට call කරලා කියන්න Online payments වලට කාඩ් එක active කරන්න කියලා එයාල එතකොට පොඩි ප්‍රශ්න ටිකක් අහනවා, කාඩ් නම්බර් එක, ජා.හැ අංකය සහ ඔයාල කාඩ් එකට apply කරනකොට තියෙනවා "Mother's Maiden Name" කියල පුරවන්න එකට දීපු උත්තරය අහනවා. මේවා අහන්නේ අපේම ආරක්ෂාවට මොකද කාඩ් එකේ අයිතිකාරයමද මේ කතා කරන්නේ කියල දැනගන්න ඕනනේ අනිත් එක තමයි ඔයාලට කොච්චර කලෙකටද කාඩ් එක online payments වලට active කරලා තියන්න ඕන කියල එයාලට කියන්න නැත්නම් සතියක් වගේ තමයි active වෙන්නේ. එච්චරයි දැන් ඔයාලගේ HNB card එක අන්තර්ජාලය තුල ගනුදෙනු කිරීම සදහා සුදානම්.

දැන් බලමු මේ PayPal එකට Add කරගන්නේ කොහොමද කියලා...

මුලින්ම https://www.paypal.com සයිට් එකට ගිහින් Acc එකක් හදාගන්න.ඊට පස්සේ My Account වල Profile වලට ගිහින් Link/Edit Credit Card වලට යන්න.

image

image

මෙතෙන්දී සියල්ල නිවැරදිම තොරතුරු සපයන්න.

image

දැන් Link Card දෙන්න.දැන් ඔයාලට eBay , Buyincoins වගේ පේපැල් වලින් ගෙවීම් කරන ඕනෑම වෙබ් අඩවියකට ඔයාලගේ HNB account එකේ තියන සල්ලි වලින් ගෙවන්න පුළුවන්.

එහෙනම්  ඊළග Ebay කුප්පි‍යෙන් හමු වෙමු.හැමෝටම සුභ දවසක්..


Thursday, October 29, 2015

අන්තර්ජාලයෙන් මුදල් 01

Microworkers වලින් මුදල් උපයන්න


අද කියන්න යන්නේ Microworkers වලින් කොහොමද මුදල් උපයන්නේ කියලා.දන්නෙ නැති අයට තමා කියල දෙන්නෙ හොදේ...
 

ads click කරල එපාවෙලා ඉන්න ,ලැබෙන සොච්චම මදි කියල හිතෙන යාලුවන්ට කරන්න තියෙනවා තව වැඩක්.ඒ තමා mini jobs වලින් ගොඩක්ම ප්‍රසිද්ද වෙලා තියෙන්නේ Microworkers කියන සයිට් එකක්.කරන්න තියෙන්නේ පොඩි පොඩි වැඩ...

උදාහරනයක් ලෙස එක එක web සයිට් වල singup වෙන්න.වීඩියෝ එකක් බලලා කමේන්ට් කරන්න,facebook page වලට like කරන්න,twitter,google+,facebook වගේ සයිට් වල සුලු සුලු වැඩ තමා අපට කරන්න දෙන්නේ.එහෙනම් වැඩේ පටාන් ගමු..

ඉස්සල්ලාම Site එකට ගිහින් sing up වෙන්න පහත Banner ‍එක Click කරන්න

(නිවැරදි තොරතුරු දාන්න)


http://adf.ly/1QjFpI



හරි දැන් තියෙන්නේ email එක verification කරගන්න.ඒකට ඔයාගෙ ඊමේල් ගිනුමට ලොග් වෙන්න.ඔයාට එවලා ඇති Microworkers වලින් ඊමේල් එකක්.එකේ තියෙන link එක උඩ click කරලා ඔයාගෙ ගිනුම verification කරගන්න.

හරි.
Microworkers වලට ලොග් වුනාට පස්සේ මෙන්න මෙහෙම පෙනෙයි.යට තියෙන්නේ ඔයාට ලැබිල තියෙන jobs.ඒක ඉදිරියෙන් ගෙවන මුදලත් දක්වලා තියෙනවා




මම sing up වෙන්න තියෙන එක තෝරගන්නවා.ඒකට ලැබෙනවා $0.08ක්.හරි ඒක උඩ click කලාම මෙහෙම page එකක් ඕපන් වෙයි


ඒක හොදට කියවලා බලන්න කරන්න තියෙන්නේ මොනවද කියලා.ඔයා ඒ job එකට කැමතිනම් I accept this job කියන එක උඩ click කරාම ඊට යටින් මෙහෙම එකක් එයි


හරි දැන් ඔයාට කරන්න තියෙන රාජකාරිය ඒ විදිහටම කරලා.ඔයාගෙන් ඉල්ලන දේ  යට තියෙන box එකට පේස්ට් කරලා I cofirm that I have completed this task කියන එක click කරන්න.

 හරි ඔන්න වැඩේ ඉවරයි.ඔයා ගොඩක් කල් කරගෙන යනකොට ඔයාට ලැබෙන jobs ප්‍රමානයත් වැඩියි.ඔයාගෙ ගිනුමේ $10 උනාට පස්සේ paypal  එකට දාගන්න පුලුවන්.කිසි දේකට බයවෙන්න එපා.ඔයා බාරගත්ත වැඩේ හරියට කරන්න.එහෙම නොවුනහොත් ඔයාගේ
success rate එක අඩු වෙනවා.Tempary Success rate එක අඩු වුනා කියලා බය වෙන්න එපා.ඒක ඹයා දවසට කරන Task ගණන මත තීරණය වෙන්නේ.එහෙනම් අද ඉදන්ම වැඩ පටන් ගන්න.මම ගියා.සුභ දවසක්.

Online ෆොටෝ එඩිට් කරන්න


 Online ෆොටෝ එඩිට් කරන්න


 මම අද ඇරගෙන ආවේ ඔයාලට සුපිරියට ෆොටෝ එඩිට් කරන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි.මාර වැඩ තියෙන්නේ.ඔන්න එහෙනම් අහගන්නකෝ...

මුලින්ම මේ වෙබ් එකට යන්න.

http://adf.ly/1QjDNj


ගියාම වෙබ් පිටුවෙ යටට යනකම්ම මේ වගේ මෝස්තර දැකගන්න පුලුවන්.එතනින් කැමති එකක් උඩ ක්ලික් කරන්න.



 
දැන් මෙහෙම එකක් එයි



එතන Choose File ක්ලික් කරලා.ඔයාට එඩිට් කරගන්න ඕන ෆොටෝ එක ලබා දෙන්න.

ලබා දුන්නට පස්සේ මෙහෙම එයි.එතන Go කියන එක උඩ ක්ලික් කරන්න.

 


 හරි දැන් ඔයා තෝරගත්ත මෝස්තරේට ඔයාගෙ ෆොටෝ එක එඩිට් වෙලා මෙහෙම එකක් එයි.





අති විශාල මෝස්තර ප්‍රමානයක් මෙම අඩවියෙන් ලබාගන්න පුලුවන්.ඔයාට කැමති කැමති විදිහට එඩිට් කරගන්න පුලුවන් නිසා මේ අඩවිය ගොඩක් ජනප්‍රියයි.එහෙනම් මම ගියා....

Tuesday, October 27, 2015

ඕනෑම මෘදුකාංගයක Serial key

           ඕනෑම මෘදුකාංගයක Serial key නොමිලේ අරගන්න...


                     

ඔයාලා බොහෝ දෙනෙක්ට මෙම ලිපිය වැදගත් වෙයි කියල හිතනවා .  ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ ලේසියෙන්ම crack , patch , serial keys හොයාගන්න පුලුවන් අඩවි කිහිපයක් ගැන .ගොඩක් අය trial softwere එක active කරගන්න crack , patch , serial keys එහෙම හොයනවනෙ . ඔන්න ඔයාලට පහල ලින්ක් වලට ගිහින් ඕනෑම මෘදුකාංගයක crack , patch , serial keys හොයාගන්න පුලුවන් . ලින්ක් වලට ගිහින් search කරලා බලන්න.අඩවියට පිවිසීමට click here button එක මත click කර තත්පර 5කට පසු skip add button එක මත click කරන්න .
01)youserials.com

http://adf.ly/1QdJDr


02)unlimitedserials

http://adf.ly/1QdKEr


03)serialcoded

http://adf.ly/1QdKgj


04)keygenguru

http://adf.ly/1QdLwB


05)serials.be

http://adf.ly/1QdMFn


06)softwareserialkey

http://adf.ly/1QdLeq


07)cracktop

http://adf.ly/1QdLPg


08)smartserials

http://adf.ly/1QdLDP

Ebay - 01

Ebay කියන්නේ මොකක්ද?


www.ebay.com



මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි හරි අවුලක් ගියත් අපිට ඒකට  full refund එකක් ලබාගන්න පුළුවන් කම තියනවා.



eBay කියන්නෙ මොකක්ද?
  • eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
  • විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
  • eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
  • සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
  • ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
  • ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
  • eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.
PayPal කියන්නෙ මොකක්ද?
  • PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි.

සාරාංශයක් වශයෙන් eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා මොනවද?
  1. eBay ගිණුමක් තිබිය යුතුයි.
  2. PayPal ගිණුමක් ගිණුමක් තිබිය යුතුයි.
  3. අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. (කාඩ් එකේ සල්ලි තිබිය යුතුයි.)

අදට eBay කුප්පිය අවසානයි. දැනට ඔබ eBay සහ PayPal තුළ sign up වෙලා අලුත් ගිණුම් හදාගෙන පුංචි පුංචි අතහදාබැලීම් ටිකක් කරන්න.එහෙනම් ‍ඊළග ලිපියෙන් හමු වෙමු.සුභ දවසක්.

Monday, October 26, 2015

Facebook Shortcut



 Facebook Shortcut වලින් ‍පහසුවෙන් FB වැ‍ඩ කරමු







ඔයාල ගො‍ඩක් අය මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයත් ඇති.එම නිසා මේ ගැන අපි පොඩ්ඩක් කථා කරමු.මේවගෙන් අපට පුලුවන් පනදාගෙන හොයන් නැතුව ලේසියෙන්ම ෆේස්බුක් එකේ එක එක තැන මාරුවෙන්න!කරල බලන්නකෝ අනිවා වැඩ අව්ලක්නම් කමන්ට් කරන්න‍කෝ.


Google Chrome වලට


1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt + ? - Face book search කිරිම සදහා
3. Alt + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + 3 – Friend request සදහා
6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + 5 – Notifications සදහා
8. Alt + 6 - ඔබෙ Account Settings සදහා
9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + 8 - Facebook page වෙත යාම සදහා
11. Alt + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා

Fire fox වලට

1. Alt +Shift + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt + Shift + ? - Face book search කිරිම සදහා
3. Alt + Shift + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + Shift + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + Shift + 3 – Friend request සදහා
6. Alt + Shift + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + Shift + 5 - Notifications සදහා
8. Alt + Shift + 6 - ඔබෙ Account Settings සදහා
9. Alt + Shift + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + Shift + 8 - Facebook page වෙත යාම සදහා
11. Alt + Shift + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + Shift + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා

Internet Explorer වලට


1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt + ? - Face book search කිරිම සදහා
3. Alt + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + 3 – Friend request සදහා
6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + 5 – Notifications සදහා
8. Alt + 6 - ඔබෙ Account Settings සදහා
9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + 8 - Facebook page වෙත යාම සදහා
11. Alt + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා